ඔබට Binary Options Trader කෙනෙක් වෙන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම හොඳ Broker කෙනෙක් ළඟ ගිණුමක් විවෘත කරන්න ඕනේ නේ. කොළඹ කොටස් වෙළඳපළේ ඉන්න Brokersලා සල්ලි හොයන්නේ අපේ මුළු ගනුදෙනු වටිනාකම මත සැලකිය යුතු තරමේ Commission එකක් ගහලා. Forex Market එකේ ඉන්න Brokers ලාගේ ප්රධාන අදායම් මාර්ගය bid price / ask price අතර වෙනස, එහෙමත් නැතිනම් Buying Rate එක හා Selling Rate එක අතර වෙනස තවත් ලේසියෙන් කිව්වොත් Spread එක. ඒ වුණාට Binary Options Trading වලදී Commissionsවත් Spreadsවත් නැහැනේ. එතකොට Binary Options Brokers ලා සල්ලි හොයන්නේ කොහොමද? ඒ ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ.
ප්රධාන වශයෙන් Binary Options Brokersලා සල්ලි හොයන ක්රම 2ක් තියෙනවා.
- මිල නියම කිරීමෙන්
- Trading වලින්
මිල නියම කිරීමේ ක්රමවේදයන්ගෙන් මුදල් සෙවීම
Binary Options Brokers ලාට ඒ ඒ Trading Instruments වල (Assets වල) මිල ගණන් ලැබෙන්නේ ලෝකයේ ප්රධානතම වාණිජ බැංකු එකකින් හෝ වැඩි ගණනකිනුයි. ඒත් ඒ විදියට ලැබෙන original prices අපි වගේ retail traders ලාට දෙන්නේ පුංචි mark up එකකුත් ගහලයි.
ඒක අපිට එච්චර දැන්නේනේ නැහැ. ඒත් අපි වගේ විශාල පිරිසක් දවසකට අති විශාල ගනුදෙනු ගණනක් කරනකොට brokerට නිකන්ම ලොකු මුදලක් set වෙනවා නේ.
Trading වලින් මුදල් සෙවීම
Binary Options Brokersලා අතරේ ජනප්රියම ක්රමය තමයි එදිනෙදා සිදුවන Trading වලින් මුදල් සොයන එක. ඔබ කවදා හරි හිතලා තියෙනවාද Binary Options Trading වලදී අපි loss වෙන සල්ලි වලට මොකද වෙන්නේ කියලා. මෙන්න මේ පුංචි උදාහරණය ඔබව මවිත කරාවි.
මගේ පළවෙනි binary options broker වන IQoption එකේ ගනුදෙනුකරුවන් 200 ක් එක වෙලාවක EUR/USD වල Up/Down Option එකක් trade කරන අවස්ථාවක් ගැන හිතමුකෝ.
මේ 200 අතරෙන් Traders ලා 100ක් හිතන්නේ පැයකට පස්සේ EUR/USD වල මිල දැන් තියෙන අගයට වඩා වැඩි වෙනවා කියලා. ඒ අය Call Option එකකට යනවා. අනිත් 100 දෙනා හිතන්නේ එකේ අනිත් පැත්ත. ඒ අය පැයකට පස්සේ EUR/USD වල මිල දැන් තියෙන අගයට වඩා අඩු වෙනවා කියලා හිතලා Put Option එකකට යනවා. මේ හැම Trader කෙනෙක්ම මේ Trade එකට $100 ගානේ Risk කළොත් මේ සමස්ත ගනුදෙනුවේම වටිනාකම $100 x 200 = $20,000 යි නේ. මේ Trade එකට IQoption එකෙන් දෙන payout එක 80% කියලත් හිතමු.
පැයකට පස්සේ EURUSD වල මිල වැඩි වෙලා. එතකොට කලින් Call Option ගත්ත පිරිසට තමන්ගේ Risk කරපු මුදලට 80% ක ප්රතිලාභයක් එවෙලේම ලැබෙනවා. ඒ කියන්නේ $180 ගානේ 100 දෙනෙකුට = $18,000ක් ගෙවනවා. අර EURUSD down වෙයි කියලා හිතපු 100 දෙනාට කීයක් වත් ලැබෙන්නේ නැහැනේ. ඒත් මුළු ගනුදෙනුවේ වටිනාකම $20,000 යි නේ. එතකොට ඉතිරි $2000 යන්නේ කාටද?
ඒක යන්නේ Broker සමාගමට.
අපි මේ කතා කළේ 200ක් ගැන නේ. මේ වගේ 200,000 ක් ගත්තොත් කොහොමද? දවසකට ඒ වගේ ගනුදෙනු කීයක් වෙනවාද? එතකොට මාසෙකට කොච්චර ද?
මේ ගැන කියනකොට මට මතක් වෙන්නේ අපේ පරණ සිංහල කියමනක්.
මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි නේ.
ඒක තමයි පැහැදිලිවම මෙතැන වෙන්නේ. දැන් ඔබට වැටහෙනවා ඇති Binary Options Trading ක්ෂේත්රය පහුගිය වසර කීපය තුල සීග්ර දියුණුවක් ලැබුවේ ඇයි කියලා. ඒ විතරක් නෙවෙයි. දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති HotForex වගේ forex broker සමාගම් විශාල ප්රමානයක් අධි වේගයකින් Binary Options වෙළඳපලට ප්රවේශ වෙන්නේ ඇයි කියලත් ඔබට පැහැදිලි ඇති.
Comments
Post a Comment