ව්‍යාපාර ක්ෂේත්රයක් වශයෙන් 2008 දී විතර පටන් අරන් ටිකෙන් ටික දියුණු වෙලා අද තියෙන තත්වයට පත් වුණාට Binary Options Trading තවමත් තියෙන්නේ ළදරු අවධියක කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ Industry එක නියාමනය සඳහා නීති රෙගුලාසි නිර්මාණය වෙන්න පටන් ගත්තේ බොහොම මෑතකදීයි. සමහර සුවිශාල broker සමාගම් වලට කිසිම නියමනයකින් තොරව තවමත් ක්‍රියාත්මක වෙන්න ඉඩ ලැබිලා තියෙන්නෙත් මේ නිසයි.
Forex Trading ක්ෂේත්රය ඇමරිකාවේ CFTC, NFA ඇතුළු තවත් බොහෝ රටවල් වල නියාමන ආයතන වල නීති රෙගුලාසි යටතේ නියාමනය වුණාට Binary Options Trading Industry එක නියාමනය කරන්නේ රටවල් කීපයක නියාමක ආයතන කීපයක් පමණයි. අපි බලමු ඒ මොනවාද කියලා.
දැනට ජනප්‍රිය නියාමක ආයතන
CySec
Binary Options Trading කියන්නේ Financial Instrument එකක් කියලා ලෝකයෙන්ම මුලින්ම පිළිගත්තේ සයිප්‍රසයේ විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාවයි. (Cyprus Securities and Exchange Commission). ඒ 2012 මාර්තු මාසයේදී. ඊට පස්සේ තමයි අනිත් නියමකයන්ගේත් ඇස් ඇරුණේ.
CFTC
දැනට ලෝකයේ සිටින විශාලතම Binary Options Broker වන Banc De Binary තමන්ගේ ලොව පුරා ව්‍යාප්ත ව්‍යාපාර ජාලය නියාමනය සඳහා ඇමරිකාවේ CFTC (Commodity Futures Trading Commission) එකෙන් අවසර ඉල්ලලා තිබෙනවා. ඉදිරියේදී අනිත් brokersලත් ඔවුන්ව අනුගමනය කරාවී.
JFSA
ලෝකයේ අනිත් නියාමක ආයතනත් මේ වන විට Binary Options Trading Industry එකේ සීග්‍ර දියුණුව දෙස දෑස් දල්වා බලා සිටිනවා. ඒ අතරින් ජපානයේ Japanese Financial Services Authority ආයතනයත් ඉදිරියෙන්ම සිටිනවා. Binary Options Trading සඳහා දැනට විශාලතම වෙළඳපළ ජපානයයි.
MFSA
CySec එක ලබන ජාත්‍යන්තර පිළිගැනිම දකින මොල්ටාවේ Maltese Financial Services Authority (MFSA) එකත් මේ වන විට Binary Options Trading සඳහා නියාමන නීති සකසමින් සිටිනවා.
හැම Broker කෙනෙක්ම Regulated නැත්තේ ඇයි?
Broker කෙනෙකුට මේ වගේ නියාමන ආයතනයකින් license එකක් ලබා ගන්න එක මාරම කට්ටක්. ඉතා සුපරික්ෂාකාරීව සංකීර්ණ ක්‍රියාවලියක් හරහා මේ වගේ License එකක් ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි, තුන්වැනි පන්තියේ අවසර පත්‍රයක් ලබා ගන්නත් “අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය” (Minimum Capital Requirement) යුරෝ 730,000ක්. ඉතින් හිතාගන්නකෝ පලවෙනි මට්ටමේ බලපත්‍රයක ගාණ.
ඒ වගේම තමයි License එකක් ගත්තට පස්සේ brokerට හිතුන හිතුන විදියට කටයුතු කරන්න බෑ. හැම ක්රියාවලියකටම standard procedure එකක් තියෙන්න ඕනේ. සරලව කිව්වොත් නියාමක ආයතනය කියන විදිහට ඉන්න ඕනේ. වැඩිය දඟලන්න බැහැ. දඟලන්න හැදුවොත් License එක අවලංගු වෙනවා.
මේකට හොඳම උදාහරණය තමයි ඇමරිකානු නීතිය මඟින් ඇමරිකන් ජාතිකයන්ට විදේශීය broker සමාගම් සමඟ ගනුදෙනු කිරීම අත් හිටවලා තියෙන නිසා දැනට නියාමනය වෙන broker සමාගම් වලට US Accounts අනුමත කරන්නේ නෑ. මේක නියාමන ආයතන මඟින් brokerගේ එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා කෙරුණ සෘජු බලපෑමක්.
ඒ නිසා US clientsලා විශාල ප්‍රමාණයක් සිටින broker සමාගම් තවමත් නියාමනයකින් තොරව ක්‍රියාත්මක වෙනවා.
ඔබ Account එකක් open කරන විට…
දැනට නියාමනය වන Binary Options Broker සමාගමක් සමඟ ගනුදෙනු කරන්න. එවැනි ආයතන වලින් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් (trade execution, profit withdrawal) අපේක්ෂා කළ හැකියි. වැරදීමකින් හරි ඔබට යම් අසාදාරණයක් සිදුවූවොත් සවන් දෙන්නට කෙනෙකු සිටීම තමයි හොඳම දේ.
(Credit goes to sarusara and laxan bro)
(Credit goes to sarusara and laxan bro)
Comments
Post a Comment