- Get link
- X
- Other Apps
මේ ක්‍රමෙන් අපි කරන්නේ trend එක අනුව trade කිරීම. ඉතාම සරල ක්‍රමයක් තියෙන්නේ හැබැයි ඉතින් ඔබ මේක ප්‍රගුණ කරණ විදිය සහ ඉවසීම අනුව තමයි ඔබේ සාර්ථකත්වය තියෙන්නේ. මේක ඕනෙම currency pair එකකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔබ එක currency pair එකකම trade කරනවානම් හොදයි මොකද ඔබට කාලයත් සමග හොද අවබෝධයක් ගන්න පුළුවන් එම currency pair එක ගැන.. ( EUR/USD , GBP/USD trading වලට හොද currency pairs )
පොඩ්ඩක් මේක මතක තියාගන්න :
1min chart , 5min chart ,30min chart කියලා මේ ලිපියේ අදහස් කරන්නේ chart එකේ candlestick එකක වෙලාව. 5min trade එකක් ලෙස අදහස් කරන්නේ ඔබ trade එකකට යොමු වීම සදහා තෝරාගත යුතු expiry time එක. මේ දෙක පටලවා ගන්න එපා යාලුවනේ.
හරි දැන් අපි වැඩේට බහිමු..
1) Setup Five minutes candlestick chart to identify the direction of trend
දැනට විවෘතව තියෙන chart එකේ timeframe එක 5min විදියට සකසා ගන්න. ඉන්පසු "indicator" ලින්ක් එකට ගොස් "MA" (moving average) indicator එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් "period" එක "50" ලෙස තෝරාගන්න, "Type" එක "EMA" ලෙස තෝරාගන්න, "color" එකට "නිල් පාට" දාගන්න ( ඒක ඇහැට පහසුයි අදුරගන්න. කැමතිනම් වෙන පාටක් දාගන්න), "thickness" එකට ඝනකමින් වැඩිම ඉර පාවිච්චි කරන්න. දැන් මේ chart එක හරි. මේකෙන් කරන්නේ trend එක අදුරගැනීම පහත ආකාරයට.
Uptrend - Trend එක වැඩිවීමක් නම් අනිවාර්යයෙන් candlestick තියෙන්නේ ඕන 50ema ඉරට ඉහලින් නැග්මක ආකාරයේ candle සමග. ( candlestick 50ema ඉරට ඉතාම කිට්ටු නම් හෝ දෙපැත්තේම candlestick තියෙනවනම් trade නොකළ යුතුයි. )
Downtrend - Trend එක අඩුවීමක් නම් අනිවාර්යයෙන් candlestick තියෙන්නේ ඕන 50ema ඉරට පහලින් බැස්මක ආකාරයේ candle සමග. ( candlestick 50ema ඉරට ඉතාම කිට්ටු නම් හෝ දෙපැත්තේම candlestick තියෙනවනම් trade නොකළ යුතුයි. )
2) Setup one minute candlestick chart with all indicators to enter a 5 minutes trade ( actual trading chart )
මේක තමයි ඉතින් ටිකක් වැඩිපුර වැඩක් කරන්න තියෙන්නේ. මේ chart එක තමා අපේ ප්‍රධානම chart එක. මම එහෙම කිව්වේ මේක පාවිච්චි කරලා තමයි අපි trade එකකට යොමුවෙන්නේ. ( ඔබට පහත රුපයේ පෙනෙයි මම trade එකක් සාර්ථක ලෙස කරලා තියෙනවා )
2.1) Add 20ema and 10ema indicators
අලුත් chart එකක් open කරගන්න + ලකුණ සහිත ලින්ක් එකෙන් . Chart එකේ timeframe එක 1min විදියට සකසා ගන්න. ඉන්පසු "indicator" ලින්ක් එකට ගොස් "MA" (moving average) indicator එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් "period" එක "20" ලෙස තෝරාගන්න, "Type" එක "EMA" ලෙස තෝරාගන්න, "color" එකට "සුදු පාට" දාගන්න ( ඒක ඇහැට පහසුයි අදුරගන්න. කැමතිනම් වෙන පාටක් දාගන්න), "thickness" එකට ඝනකමින් වැඩිම ඉර පාවිච්චි කරන්න.
ඉන්පසු නැවතත් "indicator" ලින්ක් එකට ගොස් "MA" (moving average) indicator එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් "period" එක "10" ලෙස තෝරාගන්න, "Type" එක "EMA" ලෙස තෝරාගන්න, "color" එකට "දම් පාට" දාගන්න, "thickness" එකට මධ්‍යම ප්‍රමාණයෙන් යුතු ඉර පාවිච්චි කරන්න.
2.2) Add MACD indicator
"indicator" ලින්ක් එකට ගොස් "MACD"indicator එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් Fast Period "12", Slow Period “26”, Signal Period “9” ලෙස යොදාගන්න ( මේ default settings. ඒක නිසා වෙනසක් කරන්න ඕන නෑ ), macd එකේ "color" එකට "නිල් පාට " දාගන්න, "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න. Signal line එකට "දම් පාට "දාගන්න. baseline "තැබිලි පාට " දාගන්න. මේ දෙකේම "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න.
2.3) Awesome Oscillator
"indicator" ලින්ක් එකට ගොස් "Awesome Oscillator" indicator එක තෝරාගන්න. “Slow period” එක “34”, Fast period එක “5” ( මේ default settings. ඒක නිසා වෙනසක් කරන්න ඕන නෑ )
2.4) Fractals
"indicator" ලින්ක් එකට ගොස් "Fractals" indicator එක තෝරාගන්න. “Period” එක “5”, දම්පාට (පළමු පාට ) සහ කහ පාට ( දෙවැනි පාට ) දාගන්න.
2.5) ADX
"indicator" ලින්ක් එකට ගොස් "ADX" indicator එක තෝරාගන්න. “Period” එක “14”, නිල්පාට.+ Di එකට "කොළ පාට" සහ -Di එකට "රතු පාට " අනිවාර්යයෙන් යොදවන්න. සියලුම "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න.
2.6) RSI (optional)
"indicator" ලින්ක් එකට ගොස් "RSI" indicator එක තෝරාගන්න.
“Period” එක “14”, නිල්පාට, “Period” එක “70”, "කොළ පාට", “Period” එක “30”, "රතු පාට " .
සියලුම "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න.
“Period” එක “14”, නිල්පාට, “Period” එක “70”, "කොළ පාට", “Period” එක “30”, "රතු පාට " .
සියලුම "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න.
** මම ඉතින් මට මෙතෙක් වැඩ කරද්දී පහසු වුනු පාට තමා දගත්තේ. ඔබට මේ indicators වලට ඔනෙම පාටක් දාගන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් නෑ..
3) Setup thirty minutes candlestick chart to identify direction changes in 5 minutes chart.
අලුත් chart එකක් open කරගන්න + ලකුණ සහිත ලින්ක් එකෙන්. Chart එකේ timeframe එක 30min විදියට සකසා ගන්න. ඉන්පසු "indicator" ලින්ක් එකට ගොස් "MA" (moving average) indicator එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් "period" එක "50" ලෙස තෝරාගන්න, "Type" එක "EMA" ලෙස තෝරාගන්න, "color" එකට "නිල් පාට" දාගන්න, "thickness" එකට ඝනකමින් වැඩිම ඉර පාවිච්චි කරන්න. 5min චර්ට් එකේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවද නැත්තම් දැනට පවතින trend එක එහෙමම තියෙනවද කියලා "confirm" කරගැනීමට තමයි අපි මේ chart එක භාවිතා කරන්නේ.. .
මේක එතරම් වැදගත් නෑ .. නුමුත් මේකන් බලාගන්න පුළුවන් 5 minutes chart එකේ දැනට පවතින uptrend එකක හෝ downtrend එක වෙනසකට ලක්වෙන්න ලගද කියලා.
Uptrend - නැග්මක ආකාරයේ candle තමා පෙන්නන්නේ අවසාන candle 3-4 ඉදන්.
Downtrend - බැස්මක නැග්මක ආකාරයේ candle තමා පෙන්නන්නේ අවසාන candle 3-4 ඉදන්.
4) How to enter a 5 minutes trade using 1 minute chart ?
ඔබ පහත පරිදී 'confirm ' කරගන්න ඕන trade එකකට යොමු වීමට පෙර වැඩි සාර්ථකත්වයකට.
4.0 Best Time for trading ( trading සදහා හොදම කාලය )
හවස් 2.00 ඉදන් රෑ 9.30 වෙනකන් හොදයි. හවස 6.30 වගේ ඉදන් 9.30 වෙනකන් වඩා හොදයි මොකද trading session දෙකක් එම කාලය තුල විව්ර්ත නිසා.
4.1 Avoid 15min before and after News (පුවත් වේලාවන් අත හරින්න)
පුවත් වලට විනාඩි පහළොවක් පෙර සහ පසු trade එකකට යොමු වෙන්න එපා. news බලාගන්න https://www.investing.com/economic-calendar/ පාවිච්චි කරන්න ( කරුණාකර නොමිලේ ලියාපදිංචි වී, GMT එක +5.30 දමාගන්න )
4.2 Check trend direction using 5min chart ( 5min chart එකෙන් trend එක බලාගන්න )
හරි දැන් 5min chart එකට ගොස් trend එක බලාගන්න. 50ema එකට උඩින් නම් "uptrend ". 50ema එකට පහලින් නම් "downtrend ". යලි 1min chart එකට පිවිසෙන්න
4.3 Double check trend direction using 30min chart ( trend එක 30min chart එකෙන් නැවත තහවුරු කරගන්න )
හරි දැන් 30min chart එකට ගොස් trend එක බලාගන්න. නැග්මක ආකාරයේ candle පෙන්නනවානම් බය නැතුව uptrend trade එකකට සුදුසුයි
බැස්මක ආකාරයේ candle පෙන්නනවානම් බය නැතුව downtrend trade එකකට සුදුසුයි
බැස්මක ආකාරයේ candle පෙන්නනවානම් බය නැතුව downtrend trade එකකට සුදුසුයි
4.4 Check for a crossing of 10ema, 20ema lines to enter a trade ( 10ema, 20ema cross වෙන අවස්ථාවක් ඇති වෙනකන් ඉන්න trade එකකට යොමු වෙන්න )
දැන් ඔබ ඉන්න ඕන trend එකට ප්‍රතිවිරුද්ධ දෙසට ඇතිවුන ට්‍රෙන්ඩ් එකක් නැවත ඔබ 5min එකේ තියෙන දිශාවට trend එක හැරෙනකන්.අන්න ඒවගේ අවස්ථාවක මේ 10ema. 20ema cross වෙනවා. අන්න ඒවගේ අවස්ථාවක අපිට trade එකකට යොමු විය හැකියි. ( Line cross වෙන්න ඉස්සෙල්ලා වුනත් trade එකක යොමු වෙන්න අවශ්‍ය ඉව ටික දවසක් මේක කරන කොට සහ ඔබේ පළපුරුද්ද මත ලැබෙනවා .. )
………………………………………………………
එතකොට මොන මගුලටද දැන් අර හැට හුටහමාරක් indicator දගත්තේ ? දැන් මෙහෙම හිතෙනවා ඇති නේද යාලුවනේ ? අපි මේ indicator පාවිච්චි කරන්නේ වැරදීම් අවම කරගන්න.
………………………………………………………
4.5 Confirm ADX Signal Strength and +Di/-Di directions ( ADX එකේ සිග්නල් එකේ ශක්තිය සහ දිශාවත් බලන්න, +Di/-Di දිශාවත් බලන්න )
ADX (නිල් ) ඉර 25% ( cursor එක ඉරේ දකුණු පැත්තේ තියලා බලන්න. එතන % එක පෙන්නනවා ) වඩා පහලින් නම් trade එකකට කොහෙත්ම enter වෙන්න එපා 25% -50% , 50% -75% සහ 70% -100% හොදයි.
+Di/-Di දිශාවත් බලන්න. Uptrend එක හොද නම් +Di එක ADX එකත් එක්කම එකට ඉහලට හෝ සමාන්තරව යනවා. ඒවගේම -Di එක ඉතා පහලින් තියෙන්නේ අනිත් ඉරි දෙකට වඩා. එකියන්නේ හොද අවස්ථාවක් uptrend trade එකකට.
Downtrend එක හොද නම් -Di එක ADX එකත් එක්කම එකට ඉහලට හෝ සමාන්තරව යනවා. ඒවගේම +Di එක ඉතා පහලින් තියෙන්නේ අනිත් ඉරි දෙකට වඩා. එකියන්නේ හොද අවස්ථාවක් downtrend trade එකකට.
4.6 Confirm macd crossing of signal line (macd cross වෙන තැන බලන්න )
හොද trade එකක් නම් macd (නිල්) එක බින්දුව හෝ ඒ ආසන්නයේම සිග්නල් line (දම්) එක cross වෙන්න ඕන. එහෙම නැත්තම් හොද ඉඩ පරතරයක් එක්ක cross වෙනවද බලන්න.
4.7 Confirm Awesome Oscillator bars and colours ( Awesome Oscillator එකේ බාර් තියෙන දිශාව සහ පාට බලන්න )
Uptrend එකක් නම් Awesome Oscillator එකේ බාර් කොළපාටට ඉහල තියෙන්න ඕන ( අනිත් එවයීන් confirm වෙලා මේක බාර් කොළපාටට වැඩිවීමක රටාවක් එක්ක තියෙනවනම් , ඊත් අවුලක් නෑ ). donwtrend එකක් නම් Awesome Oscillator එකේ බාර් රතුපාටට පහල තියෙන්න ඕන ( අනිත් එවයීන් confirm වෙලා මේක බාර් රතුපාටට අඩුවීමක රටාවක් එක්ක උඩ තියෙනවනම් , ඊත් අවුලක් නෑ ).
4.8 Use RSI to make sure your not too late when entering a trade ( RSI මගින් trend trading එකකට පරක්කු වෙලා යොමු වෙන්න තියෙන අවස්ථාව අඩු කරගන්න )
මේකෙන් oversold overbought conditions බලාගන්න පුළුවන්. uptrend එකකදී 70% වලට ඉහල තියෙන අවස්ථාවක ටිකක් පරිස්සන් වෙන්න uptrend trade එකකට යොමු වීමේදී. මොකද එක සැරේට trend එක සුළු ප්‍රමනෙකින් හරි අඩුවෙන්න පුළුවන්. ඒවගේම downtrend එකකදී 30% වලට පහල තියෙන අවස්ථාවක ටිකක් පරිස්සන් වෙන්න downtrend trade එකකට යොමු වීමේදී. මොකද එක සැරේට trend එක සුළු ප්‍රමනෙකින් හරි වැඩිවෙන්න පුළුවන්.
4.9 Fractals and Support/Resistance
මේකේ දාලා තියෙන රුප රාමුවෙන් ඔබට තෙරුන් ගන්න පුළුවන් වෙයි. මොකද මේක උදාහරණයක් නැතුව පැහැදිලි කරන්න ටිකක් දීර්ග විස්තර කිරීමකට යන්න වෙනවා.. රාමුවේ තියෙන නිල් සහ කහ ඉරෙන් ( මේක මම වෙනම ඇදලා තියෙන්නේ ඔබට පැහැදිලි අවබෝදයක් ගන්න. නුමුත් ඔබ මේක IQ Option එකේ lines පාවිච්චි කරලා කරන්න පාට දෙකක් දාගෙන )
රුප රාමුවෙන් තේරුනේ නැත්තන් ඉතින් මේ වීඩියෝ එක බලන්නකෝ
එහෙමත් තේරුනේ නැත්තන් මේක කියවලා බලන්න =)
ඔබ fractals යොදලා තියෙන නිසා ඔබට පේනවා නේද ඉහලට සහ පහලට ඇති ඊතල. uptrend උදාහරණයක් ගත්තොත්, ඔබ සැලකිලිමත් වන්න ඕන resistance ගැන. හිතමු ඔයා uptrend trade එකකට යොමු වෙන්න හදන්නේ. නුමුත් හිතමු ඒ කිට්ටුව තියෙනවා කියලා ඊතල කීපයක්ම ( දෙක තුනක්වත් තියෙනවද බලන්න). මේ ඊතල එක්ක ඔයාට පෙනේවි candlestick පහතට ඇවිත් තියෙනවා කියලා. ඒ කියන්නේ candlestick වලට බැරිවෙලා තියෙනවා එම ස්ථානය පහු කරගෙන ඉහලට යන්න. අන්න ඒවගේ තැන් කීපයක් යාකරලා ඉරක් ගහගන්න අදුරගන්න ලේසි වෙන්න. ඉතින් ඒවගේ තැනකින් uptrend එකකට යොමු වීමේදී පරිස්සන් වෙන්න. අඩුම ගානේ candle දෙකක් වත් ඉහලට යනකන් ඉන්න. ඒවගේම මේක පාවිච්චි කරන්න පුළුවන් uptrend එකක ආරම්භය අදුරගන්නත්. එකොහොමද ? uptrend අතුවුණු ස්ථාන බලන්න. පහලට ඇති ඊතල දැක්කා නේද ? අන්න ඒවාට තමා support lines කියන්නේ. ඉතින් මේවගේ තැන් වලත් ඉරක් ගහගන්න. මේ වගේ තැනකදී කොළ පාට candle දෙකක් වත් ඉහලට එනකන් ඉන්න uptrend trade එකකට යොමුවෙන්න. Downtrend එකක් කියන්නේ දැන් මන් කිව්වා එකේ අනිත් පැත්ත.. ( Strong Support / Resistance හොදටම අදුරගන්න පුළුවන් නම් අනිත් indicators ඒවා නැතුව MA විතරක් පාවිච්චි කරන්න පුළුවන් . මේකට සාමාන්‍ය පළපුරුද්දක් ඕන වෙනවා !)
5 මේ ටිකත් අනිවාර්යයෙන් මතක තියාගන්න හොදේ
- 5min chart එකේ candlestick 50ema ඉරට ගොඩක් ලගින් තියෙනවනම් හෝ වටේටම තියෙනවනම් trade එකකට යොමු වීමේදී පරිස්සම් වෙන්න.
- 1min chart එකේ සුළු කාලයක් ඇතුලත අඩු වැඩි වීම් සිදුවන අවස්ථා වල මේක පාවිච්චි කරන්න එපා
- 1min chart එකේ ඉතා සුළු අඩු වැඩි වීම් පෙන්නන candlesitck ඇති වෙලා තියෙන විට trade එකකට යොමු වෙන්න එපා . හැබැයි මේක අවසානයේ හොද අවස්ථාවක් එනවා. ඒක නිසා හොද අවදානයෙන් ඉන්න රටාව ඉවර වෙනකන් .
- අති විශාල උස ප්‍රමාණයේ ඇතිවෙන candlestick ගැනත් පරිස්සම් වෙන්න.
- 80% හෝ ඊට වඩා ප්‍රතිලාබ ලැබෙන currency pair සහ වේලාවන් තෝරාගන්න.
- Trade කරද්දී අඩුම ගානේ පළමු සති දෙක හෝ මාසයක් වත් demo විතරක් කරන්න $1 - $20ක් වගේ trade එකකට යොදවමින් ( පුළුවන් උපරිම trade ගානක් දවසට කරන්න. මොකද මුලික පුහුණුව අවශ්‍ය නිසා. ). ඊට පස්සේ live trading පටන් ගන්න පුළුවන්. දවසකට ඔබ කල යුත්තේ එක්කෝ trade 10ක් හෝ වැඩිම වුනුත් 20ක් පමණයි. සෑම trade එකකටම එක්කෝ $1 - $20 යොදවන්න ( දාන ගාන සැරින් සැරේ වෙනස් කරන්න එපා $10 x 10 or $20 X 10, $10 x 20, $20 x 20 ). ඔබ යොදවන ගණන ඔබේ ගිණුමේ ශේෂය මත වෙනස් කරගන්න. ඒවගේම මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල අදායමක් ලබාගත හැකි ක්‍රමයක් වගේම ඉතා ඉහළ අවදානමක් තිබෙන ආදයම් මාර්ගයක් වග. ඉගෙනීම, පුහුණුව, අවදානමක් ගත හැකි මුදල් පමණක් යෙදවීම වගේම මුදල් කළමණාකරණය කියන දේවල් අනිවාර්යයෙන් අනුගමණය කරන්න.
- එක දිගට trade දෙකක් අසාර්ථක වුනුත් ඔබ පැයක් හෝ දෙකක් යනකන් යලි trade කරන්න එපා. මොකද ඔබේ මානසික තත්වය මත තව අසාර්ථක වෙන්න පුළුවන්. පොඩි විවේකයක් අරන් යලි පැමිණෙන්න. ඔබ trade තුන හතර එක දිගට අසාර්ථක වෙනවනම්. කරුණාකර මේ ලිපි යලිත් කියවන්න සහ පුහුණු ගිණුමේ සති කීපයක් හෝ මාස කීපයක් සාර්ථක වෙන තුරු භාවිතා කරන්න. සාර්ථක වූ පසු ඔබට live ගිණුමට යලි පිවිසෙන්න පුළුවන්.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment